Breaking News
Loading...
Sunday, April 6, 2014

Hide IP කරලා internet යන්න පුලුවන්ද ? දැනගන්න

මේ වගේ ගොන් ප්‍රශ්ණ අහන්න ඒපා... මේවා අහනවත් එක්කම තමන්ගෙයි, ජාතියෙයි රෙදි එවලෙම ගැලවෙනවා.

අන්දරේ Facebook user කෙනෙක් යැයි උපකල්පනය කරන්න. අන්දරෙයා නිතර දෙවේලේ බුකිය පැත්තේ එනවා, යනවා.
අන්දරේයා හෙන මෝඩයා. ඌ දන්නෙ නෑ කොහොමද තමන්ගේ පරිඝණකය අන්තර්ජාලයට සම්භන්ද වෙන්නෙ කියලා.

අන්දරේ ගේ පරිඝනකයේ IP address එක 007.
අන්තර්ජාලය හරහා සියලු සන්නිවේදනයන් වෙන්නේ data පැකට්ටු එහා මෙහා ගමන් කිරීමෙන් කියලා දන්නවා ඇතිනේ..
අන්දරයා facebook site එකට යද්දී තමන්ගේ පරිඝනකයෙන් Data packet කිහිපයක් Facebook ආයතනේ තියෙන
Linux Server පරිඝනකය වෙත යවනවා. ඒ server පරිඝනකයෙන් photo, video, text ඕක්කොම අන්දරේගේ එකට එවනවා.

අන්දරේ කවදාවත හිතුවේ නැ කොහොමද මේ Facbook එකේ ඉඳන් එන data packet හරියටම තමන්ගේ පරිඝණකයට එන්නෙ කියලා.
ඇත්ත කතාව මෙකයි. ඔය එවන හැම data packet එකකම මුද්දරයක් ගහලා එවන්නේ. ඒ මුද්දරේ තමයි අන්දරේ ගේ IP address.
ඔය data packet ඇමරිකාව, එන්ගලන්තය, චීනය, අපාය, දිව්‍යලෝකය පහු කරාලා එද්දි මැදින් හිටන් එන්න router උපකරණ ඔය packet
වල තියෙන ලබන්නාගේ IP address එක් බලලා, කෙටිම මාර්ගය ඔස්සේ අන්දරේගේ පරිඝනකයට එවනවා.

දැන් ගොන් අන්දරයා තමන් ගේ IP එක හැන්ගුවොත් අර එන data පැකට් එන්නේ මොන යකාගේ කොම්පුටරයටද???

Facekook එකෙන් ලියුමක් ලියලා, ලිපිනය ලියන්නේ නැතුව තැපැල් පෙට්ටියට දැම්මොත් ඒක අන්දරේට එන්නෙ නෑ.

අන්දරේටම හරියන්න Windows වලට software හදන එවුන් Real Hide IP, IP Hider Pro වගේ software හදලා තියෙනවා. ඒවායෙන් කරන්නේ කුලියට අතර මැදින් තැපැල් පෙට්ටියක් අරන්, ඒකට ලියුම් ගෙන්නවා ගන්න එක, මිසක් IP එක අතුරුදහන් කර ලියුම් ගෙන්වාගැනීම නොවේ.

Copyright © 2014 by BCB Asia GmbH. All rights reserved.